Thursday, July 2, 2009

මයිකල් ජැක්සන් - කවුද ඌ


මයිකල් ජැක්සන් මලා...
ලෝකෙම අඩනව, මටත් ටිකක් ඇඩුන. ඒ අනිත් උන් අඩනව බලන් ඉන්නකොට කොහොමත් ඇඩෙන නිසා ම මත් නෙවෙයි. දන්න කාලෙක ඉදල මයිකල් ගෙ සිංදු ඇහෙමින්ම හැදුනු වැඩුනු නිසා.
මම මයිකල් ගැන දැනගෙනෙ හිටියෙ මෙන්න මෙච්චරයි.
සිංදු කියනව එළ ඩාන්ස් එක මාර කික්
අම්බානෙක සල්ලි, නෙවර්ලෑන්ඩ් එක උගෙ ඉපදෙනකොට කලුයි දැන් සුදුයි ප්ලාසිටික් නහය, මූනෙයි කොන්ඩෙයි තව වැඩ කෝටියක් කරල. ගොඩ වතාවක් කසාද බැදල තියනව, ලමයිත් ඉන්නවද කොහෙද
ලමා අපචාර සීන් එකකට මාට්ටු, නඩු කියලම සල්ලිත් ඉවරයි

ඔය ටික නොදන්න එකෙක් අම්පාරෙ වත් නැතුව ඇති.

මලාට පස්සෙ මමත් හැමොම වගෙ youtube එකේ මයිකල් ගෙ සින්දු හොය හොයා බැලුව, කොමෙන්ට් කරා 'රිප්' කියල. ඔය අතරෙදි තමයි මට මේ අපූරු ඩොකියුමෙන්ට්‍රි එක හම්බූනෙ. 'ලිවින්ග් විත් මය්කල් ජැක්සන්'
මය්කල් චරිතය ගැන මම ඇත්තටම දැනගත්තෙ ඒකෙන් කිව්වොත් හරි.

මෙක කරල තියෙන්නෙ Martin Bashir කියන බ්‍රිතාන්‍ය ජනමාද්‍යවේදිය. මාස අටක මයිකල් එක්ක පරිප්පු කාල තියනව මේකට ඌ කියන විදියට. කොහොම උනත් එලට කරල තියනව.

මෙතන සිට මයිකල් ගෙ කතාව.



No comments:

Post a Comment