Tuesday, July 7, 2009

ඔන්න මමත් ඉන්නවෝ

අන්තිමට බ්ලොග් එක සින්ඩිකෙටරයට දාගන්න පුලුවන් උනා.

එල ම කිරි..

මාර හැපි..

කිව්ව වගෙම දවස් තුනයි ඉන්න උනෙ, සර්විස් එක නන් කියල වැඩක් නෑ.
පොඩි අවුලකට තියෙන්නෙ මම ආයෙ පාරක් ඇප්ලයි කරපු එක,අවුලක් යයි ද මන්ද.
ක පැදිලිවම එපා කියල තිබ්බ එකක්,, අය්යො සල්ලි

හැබැයි තවම එක පොස්ට් එකක් වත් ඉවර වෙන්න කරේ නෑ..

දැන් ඉදල පටන්ගන්නව :D

Saturday, July 4, 2009

මම නොදන්න සිංදුව

රෑ සීතලෙන් හොරෙන් හීනයක් ගේනා
නිල් තාරුකා වගෙ චාරු නෙත් දිලෙනා
නාරි රූ මේ දෙව් ලොවෙන් ආ,
දිව්‍යමය පිලිරූ සේමා
කෝල රැගුමෙන් පාන බැල්මෙන්,
ජීවිතය සතුටින් පුරනා.

හිත් ආකහෙ තැනූ මාලිගේ සරනා
මල් මාවතෙ ඇවිත් ආදරෙ කියනා
සීත දෙතොලින් මිහිරි තෙපුලෙන්,
කීව ඒ කවි ගී සොබනා
කෝල රැගුමෙන් පාන සෙනෙහෙන්,
හීනයේ පිලිරූ මවනා

Thursday, July 2, 2009

මයිකල් ජැක්සන් - කවුද ඌ


මයිකල් ජැක්සන් මලා...
ලෝකෙම අඩනව, මටත් ටිකක් ඇඩුන. ඒ අනිත් උන් අඩනව බලන් ඉන්නකොට කොහොමත් ඇඩෙන නිසා ම මත් නෙවෙයි. දන්න කාලෙක ඉදල මයිකල් ගෙ සිංදු ඇහෙමින්ම හැදුනු වැඩුනු නිසා.
මම මයිකල් ගැන දැනගෙනෙ හිටියෙ මෙන්න මෙච්චරයි.
සිංදු කියනව එළ ඩාන්ස් එක මාර කික්
අම්බානෙක සල්ලි, නෙවර්ලෑන්ඩ් එක උගෙ ඉපදෙනකොට කලුයි දැන් සුදුයි ප්ලාසිටික් නහය, මූනෙයි කොන්ඩෙයි තව වැඩ කෝටියක් කරල. ගොඩ වතාවක් කසාද බැදල තියනව, ලමයිත් ඉන්නවද කොහෙද
ලමා අපචාර සීන් එකකට මාට්ටු, නඩු කියලම සල්ලිත් ඉවරයි

ඔය ටික නොදන්න එකෙක් අම්පාරෙ වත් නැතුව ඇති.

මලාට පස්සෙ මමත් හැමොම වගෙ youtube එකේ මයිකල් ගෙ සින්දු හොය හොයා බැලුව, කොමෙන්ට් කරා 'රිප්' කියල. ඔය අතරෙදි තමයි මට මේ අපූරු ඩොකියුමෙන්ට්‍රි එක හම්බූනෙ. 'ලිවින්ග් විත් මය්කල් ජැක්සන්'
මය්කල් චරිතය ගැන මම ඇත්තටම දැනගත්තෙ ඒකෙන් කිව්වොත් හරි.

මෙක කරල තියෙන්නෙ Martin Bashir කියන බ්‍රිතාන්‍ය ජනමාද්‍යවේදිය. මාස අටක මයිකල් එක්ක පරිප්පු කාල තියනව මේකට ඌ කියන විදියට. කොහොම උනත් එලට කරල තියනව.

මෙතන සිට මයිකල් ගෙ කතාව.



Wednesday, July 1, 2009

යුතනෙසියා (Euthanasia) නොහොත් 'අනායාස මරනය'







ලියන්න හෙතුව - දන්න කෙනෙක් ජීවිතාදාරක යන්ත්‍රයක ඉදල මැරුන.

මෙක හරිද වැරදිද කියන එකට උත්තර නෑ.
ඒත් machine එකේ ඉන්න මිනිහ කවද උනත් මැරෙනව. ඉතින් ඇයි තවත් තියන් ඉන්නෙ?

ලංකාවෙ නීතියට අනුව මේක වැරැද්දක් ද කොහෙද. සියදිවි හානිකරගැනීම වැරැද්දක්, එක ලියලම තියනව. මේක නෑ

Machine එකේ ඉන්න කෙනාට සිහි තිබුනොත් එයාට කියන්න බෑ ඔක off කරල දාන්න කියල. එක්කො දොස්තර තිරනය කරන්න වෙනව, නැත්නන් සිහි නැතිවෙනකන් ඉන්න වෙනව. සිහි තිබුනෙ නැත්තන් ඒත් කෙලිය. මොකද කවුද මරනයට වග කියන්නෙ, කාගෙ තීරනයක් ද ඒක..
මෙ තීරනය ගන්න කෙනා හරිනන් මැරෙන්න ඉන්න කෙනාව නියොජනය කරන්න ඔන. ඒ කියන්නෙ ගන්න තිරනය මැරෙන්න ඉන්න කෙනා ගන්න තීරනයට සමානයි. කෙලවරෙ තියෙන්නෙ සියදිවි නසාගැනීමම තමයි.

'මම සතුන් නොමරමි' කියන බුද්ධාගමට අනුවත් 'ජිවිතයට එරෙහි වරදක්' නිසා ක්‍රිස්තියානියට අනුවත් 'මොහොම්මද් තුමාගෙ ආශිර්වාදය' නොලැබෙන නිසා ඉස්ලාම් ආගමට අනුවත් මෙක බරපතල වරදක්. ඒත් නොකර බෑ.

ඉතින් මොකද කරන්නෙ?

අවතාරය




Avatar එක, නොහොත් අවතාරය අවුරුදු දෙකක සිට එළකිරියේ පාවිච්චි කරපු එක. දැන් ඒක මගේ. එකෙ ඉන්නෙ Niko Bellic, GTA එකෙ පොර.

යුනිකොර්ඩ්



මෙක ලියන්නෙ යුනිකොර්ඩ් එසැනින් පරිවර්තකයෙන් සිංහල comments තමයි බලාපොරොත්තු වෙන්නෙ එක පාවිච්ච් කරන්න Vista තියනවනන් හොදයි. නැතිඅය කුදගහගන්න.

:D

චා

Blog එකෙ නම චා Address එක චාස් නෝට්ස් (chanotes) වෙන එකක් තිබුනෙ නෑ, ඒකයි මේ :D